SRILANKAN NEWS

අයවැය ලේඛනය ලබන 09 වනදා පාර්ලිමේන්තුවට..

වත්මන් යහපාලන ආණ්‌ඩුවේ දෙවන අයවැය ලේඛනය ලබන 09 වනදා පස්‌වරුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පළමු අයවැය කථාව මෙය වන අතර ලබන වසරේ රජයේ සමස්‌ත වියදම වන රුපියල් බිලියන 3982 ක මුදල පියවාගන්නා ආකාරය මෙම අයවැය තුළින් ප්‍රකාශ කෙරෙනු ඇත.

අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 10 වැනිදා සිට දෙසැම්බර් මස 10 වනදා තෙක් මාසයක් කාලයක් අයවැය විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.