අතුරුදන්වූවන්ට මරණ සහතිකය ලබාදීමේ කාලය දීර්ඝ කෙරේ..

ශ්‍රී ලංකාවේ පැවැති යුද්දය ඇතුළු විවිද සිද්ධීන් හේතුවෙන් අතුරුදන්වූවන්ට මරණ සහතිකය ලබා ගැනීම සඳහා රජය විසින් ලබාදුන් කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කර තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව 2010 අංක 19 දරණ පනත මීට පෙරද දෙවරක් දීර්ඝ කර තිබූ අතර, තෙවන වරටත් එහි කාලය දීර්ඝ කර තිබේ. මේ සම්බන්‍ධ ගැසට් නිවේදනය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් නිකුත් කර තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව 2010 අංක 19 දරණ පනතට අනුව නීතිමය වශයෙන් අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයෙකු මියගොස් ඇති බවට විශ්වාස කරන අවස්ථාවක ඔහුගේ මරණය සඳහන් කර ඥාතීන්ට මරණ සහතිකය ලබාගත හැක.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්දයදී දහස් ගණනක පිරිසක් අතුරුදන්වූ බව පවසා ඔවුන්ගේ ඥාතීන් සහ මානව හිමිකම් සංවිධාන විසින් චෝදනා එල්ලකර තිබෙන අතර, මේ සම්බන්‍ධයෙන් අඛණ්ඩ විරෝධතා ද ක්‍රියාත්මකවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top