ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා වයාවිලාන්හි පවත්වාගෙන ගිය උද්ඝෝෂණය අවසන්..

යාපනය දිස්ත්‍රික්ක හමුදා ආඥාපතිගේ ප්‍රතිඥාවෙන් අනතුරුව වයාවිලාන් ප්‍රදේශයේදී වලිගාමම් උතුර ජනතාව විසින් පවත්වාගෙන ගිය සාමකාමී උද්ඝෝෂණය අවසන්විය. වලිාගමම් උතුර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයට පැමිණි වයාවිලාන් සහ පලාලි ප්‍රදේශයේ ජනතාව තම ඉඩම්වල නැවැත පදිංචි කරන ලෙස ඉල්ලා මෙලෙස උද්ඝෝෂණයක නිරතවූහ.

එහි පැමිණි යාපනය දිස්ත්‍රික්ක පාර්ලිමෙන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, සහ යාපනය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති මෙජර් ජනරාල් හෙට්ටියාරච්චි මහතා ජනතාව සමඟ සාකච්ඡා කළ අතර, ජනතාව විසින් ඔවුන් වෙත සන්දේශයක් ද භාරදුන්හ.

මේ සම්බන්‍ධයෙන් ඉහළ මට්ටමට දැනුම් දී පියවර ගන්නා බවට හමුදා ආඥාපතිවරයා පොරොන්දුවීමෙන් අනතුරුව උද්ඝෝෂණය අවසන් කෙරුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top