සයිටම් පිළිබඳ රජයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනපතිගෙන් කමිටුවක්..

සයිටම් අර්බුදයට රජය විසින් ඉදිරිපත් කළ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.

වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් සමග කළ සාකච්ඡාවේදී එකඟවූ කරුණු මත මෙම කමිටුව පත්කිරීමට නියමිත බව පැවැසේ.

සයිටම් පිළිබඳව රජය ඉදිරිපත් කළ යෝජනාව වෛද්‍ය නිලධාරින් සංගමය හා විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් පිළිගෙන තිබූ නමුත් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්‍ධයෙන් ඔවුන් ප්‍රශ්ණ කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top