ග්‍රෑන්ඩ්පාස්, වදුල්ල වත්ත ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් අනතුරුව ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 80යි මිලිග්‍රෑම් 560ක් ද සොයාගෙන තිබේ.
සැකකාරිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.