SRILANKAN NEWS

අද මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (8) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පවසා තිබේ.

ඒ අනුව අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු මෙලෙස පහත දමා තිබේ.

අර්තාපල් සහ ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් ද, කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින් ද, පොල් තෙල් සහ එළවළු තෙල් සඳහා වන බද්ද රුපියල් 25කින් අඩුකර තිබේ.