විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්

දෙමළ ජනතාවගේ එකමුතු භාවය පෙන්වා දෙන අයුරින් දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විය යුතුය. එයයි තම ස්ථාවරය බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඊයේ (8) දින යාපනයේ පැවැති මාධ්‍ය හමුවේදී, මැතිවරණයදී තමිලරසු පක්‍ෂය සමඟ එක්වී තරඟ කළ නොහැකි බවට ඊ.පී.ආර්.එල්.එෆ්. පක්‍ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කර තිබීම ගැන මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ බව පැවැසීය.

‘විකල්ප අදහස් පිළිගත හැකි ස්ථාවරයක අපි නොසිටියේ නම් මෙවැනි තත්වයක් ඇති වෙනවා. අපි කියන දේ තමයි හරි යන මතයේ සිට විකල්පත අදහස්වලට ඉඩ ලබා නොදෙන්නේ නම්, එම විකල්ප අදහස්වල සිටින්නන් විරුද්ධ ස්ථාවරයක සිටිනු ඇත. එම තත්වය තමයි දැන් ඇතිවී තිබෙන්නේ‘ යැයි විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

2 thoughts on “විකල්ප අදහස් පිළිගත යුතුයි – විග්නේෂ්වරන්”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top