එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම අභියෝගයක් – අගමැති

Ranil Wikramasingha 01 රනිල්එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක් බව අදට (29) යෙදෙන දීපාවලී දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයාගේ ජාතික දීපවාලී උත්සව පණිවුඩය…

ලොව පුරා හින්දු කෝවිල්වලද, මහා මන්දිර පැල්පත වෙනසක් නැතිව හින්දු බැතිමතුන්ගේ නිවෙස්වලද, ගෙවතු මංමාවත් ඔස්සේද සුවහසක් පහන් පේළි දැල්වෙමින් රැය ඒකාලෝක වෙයි. හින්දු බැතිමතුන් මහත් ප්‍රීතියෙන් සමරන, වසරකට වරක් එළඹෙන ඒ උත්කර්ශවත් සැමරුම දීපාවලී උත්සවයයි.

භේදබින්න වීම පහසු දෙයකි. නමුත් සමගි සන්ධානයෙන්, එක්සත්ව, එක්සිත්ව යහපත උදෙසා කටයුතු කිරීම මහත් අභියෝගයක්ව පවතී. සියලූ භේද දුරලා මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් සාමයෙන්, සමඟියෙන් ජීවත්වන්නට ප්‍රඥාවේ පහන් දල්වාගත යුත්තේ එබැවිනි.

ඒ සඳහා දීපාවලි උත්සවය ආදර්ශයේ මාවතක්, අධිෂ්ඨානයේ අත්වැලක් කරගත හැකි බව සිහිපත් කරමින්, දීපාවලී සමරන සැමට මාගේ හෘදයාංගම සුභාශිංසන පිරිනමමි…!

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top