කිලිනොච්චිය හා තුනුක්කායි අධ්‍යාපන කොට්ඨාශයට අයත් සිසුන් 500 දෙනෙකුට ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධන ආයතනය විසින් පාසල් උපකරණ ලබාදී තිබේ.
අද පෙරවරුවේ කිලිනොච්චිය සමූපකාර ශාලාවේ පැවැති උත්සවයෙදී ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධන ආයතනය විසින් රුපියල් 1500ක් වටිනා පාසල් උපකරණ ලබාදුන් අතර, අඛණ්ඩව මාසිකව රුපියල් 500ක මුදලක් සිසුන්ගේ අධ්‍යාපන වියදම සඳහා බැංකුවේ තැන්පත් කරනු ලැබේ.
මේ අතර, වව්නියාව නෙඩුන්කේනි මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ සමඟ සිසුන් 21 දෙනෙකුට පාපැදිද ලබාදී තිබේ. මෙම අවස්ථාවට කිලිනොච්චිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කුයිරන්ස් සහ ග්‍රාමීය අධ්‍යාපන සංවර්ධන ආයතනයේ නිලධාරින්ද සහභාගිවූහ.

