යාපනයේ පවුල් 456ක් අවතැන්, – නිවාස 46ක් සම්පූර්ණයෙන්ම විනාශයට …

AR

යාපනයට දින කීපයක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පවුල් 456කට අයත් 1724 දෙනෙකු අවතැන් කඳවුරුවල රැඳී සිටින බව යාපනය දිස්ත්‍රික්ක ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

තවද යාපනයේ වර්ෂාව හේතුවෙන් පවුල් 2727කට අයත් 9894 දෙනෙකු විපතට පත්වී ඇති බවත්, එයින් අවතැන්වු පවුල් 456කට අයත් 1724 දෙනෙකු සුබසාධන මධ්‍යස්ථානවල රැඳී සිටින බවද පැවැසේ.

මේ අතර, නිවාස 46ක් සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී තවත් නිවාස 172කට හානි සිදුවී තිබේ. තවඳුරටත් අධික වර්ෂාව පවතියේ නම් යාපනයේ පහත් බිම් වල ජීවත්වන ජනතාව පීඩාවට පත්විය හැකි බව පැවැසේ.

තවද අවතැන්වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සපයාදීම සම්බන්‍ධයෙන් කඩිනම් පියවර ගෙන ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top