පොළොන්නරුවේ සිඳුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට, 7කට තුවාලයි

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් පා පැදියක ගැටි ඇති අතර ඉදිරියෙන් පැමිණි බස් රථය අනතුර වැළැක්වීමට උත්සාහ කිරීමේදී එය මාර්යෙන් ඉවතට පැන පෙරළී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පා පැදියේ ගමන් කළ පුද්ගලයා අනතුරින් මියගොස් ඇති අතර, තුවාල ලැබු 07 දෙනෙකු ‍පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුව ගෙන ඇති අතර ඔහු පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top