ජනතා විමුක්ති පෙරමුණ 28වන ඉල්මහ විරු සමරුව අද

ජනතා විමුක්ති පෙරමුණේ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී පක්ෂයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

එම පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු ඝාතනයට ලක්වූ එම පක්ෂයේ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් මෙම සමරු උත්සවය පැවැත්වීමට එම පක්ෂය කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව පක්ෂයේ ඉල්මහ විරුවන් වෙනුවෙන් පවත්වන මෙම උත්සවයේ සමරු දේශන පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් විසින් පැවැත්වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top