අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබේ.  ඉන්දියාව එරෙහි ටෙස්ට් තරගාවලි සඳහා මෙලෙස කැඳවා තිබේ. තරගාවලියට නම් කළ සංචිතයට ඔහු මුලින් ඇතුළත් කර සිටියේ නැහැ.

එහෙත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස අසේල ගුණරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබේ. ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂා කෙරෙන විශේෂ තරගයක් ලබන බදාදා පැවැත්වීමට නියමිත බව පැවැසේ.

අසේල ගුණරත්න අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් ජුලි මාසයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගයට වන අතර, එහිදී ආබාධයකට ලක්වූ ඔහුට ඉකුත් ඉන්දීය සහ පකිස්තාන තරගාවලි දෙකම අහිමි වුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top