ඇමරිකානු ගැතිවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කරන විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා සිය ධූරයෙන් ඉවත්විය යුතු බව ප්‍රගතිශීලි මුස්ලිම් පෙරමුණ අවධාරණය කර සිටියි.
ඊයේ (28) කොල්ලුපිටියේ පිහිටි මුස්ලිම් දේවස්ථානයේදී ප්‍රගතිශීලි මුස්ලිම් පෙරමුණ විසින් ජෙරුසුලමේ පිහිටා ඇති “අල්-අක්සා“නැමැති මුස්ලිම් ජනතාවගේ පළමු පූජනීය ඉස්ලමික දේවස්ථානය මේවන විට යුදෙව් ජාතීන් යටතේ විනාශ වෙමින් පවතින අතර එය වහාම මුස්ලිම් ජනතාව වෙත ලබා දිය යුතු බවට යුනෙස්කෝ සංවිධානය විසින් සිදු කල යෝජනාවට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විරෝධය ප්‍රකාශ කිරීම සහ ශ්‍රි ලංකාවද ඇමරිකානු ගැති පුතිපත්තියක් අනුගමනය කිරීමට සූදානම් වෙමින් සිටින බවද පවසා එයට එරෙහිව විරෝධතාවයක් පවත්වනු ලැබීය.
මේ සදහා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එච්.එම් අස්වර් මහතා,ප්‍රගතිශීලි මුස්ලිම් පෙරමුණේ ජාතික සංවිධායක අබ්දුල් සක්තාර් ඇතුලු පිරිස සහභාගී වූ අතර එම විරෝධතාවයේදී විරෝධතාකරුවන් කියා සිටින ලද්දේ වත්මන් යහපාලන ආණ්ඩුව මුස්ලිම් විරෝධි වැඩපිළිවෙලක් අනුගමනය කරමින් සිටින අතර ඇමරිකානු ගැතිවාදි ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ලබන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම ධූරයෙන් ඉවත් විය යුතු බවයි.
– Global Tamil News : Sinhala