SRILANKAN NEWS

පලාලි පිහිටි විශාල අවි ගබඩා ඉවත් කරනවා – විජයකලා

පලාලියේ පිහිටි හමුදා අවි ගබඩාවේ සිට ආයුධ සියල්ල වෙනත් ස්ථානවලට ගෙන යාමට අවශ්‍ය කටයුතු සිඳුකරන බව කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේස්වරන් පවසයි. අද දින යාපනයේ පිහිටි ඇයගේ නිවසේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.

වලිගාමම් උතුර ප්‍රදේශයේ හමුදා යටතේ පැවති අක්කර ගණනාවක ඉඩම් මෙම යහපාලන රජය විසින් යළි ජනතාවට නිදහස් කර තිබේ. යුද්දය අවසන් වී වසර අටක් ගතවූ නමුත් පසුගිය රජය විසින් ජනතාවගේ ඉඩම් යළි ලබාදී නොතිබුණි.

තවඳුරටත් හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කිරීමට කටයුතු කරමින් සිටින අතර, දැනට හමුදා කඳවුරු පිහිටා තිබෙන පුද්ගලික ඉඩම් හා හමුදා අවි ගබඩාවන් පිහිටා ඇති ඉඩම් මෙතෙක් ජනතාවට නිදහස් කර නොමැත. එම ඉඩම් කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා හමුදාව විසින් අවි ගබඩාවල ඇති ආයුධ සියල්ල වෙනත් ස්ථානවලට රැගෙන යමින් සිටියි. එලෙස සියළු කටයුතු අවසන්වූ වහාම පුද්ගලික ඉඩම් සියල්ල ජනතාවට යළි ලබා දෙන බව ඇය වැඩිදුරටත් පැවැසීය.