වෛද්‍ය පීඨ සිසුන් ලබන 20 වනදා සිට යළි සරසවිවලට

ලබන 20 දා සිට නැවතත් වෛද්‍ය පීඨ දේශන කටයුතු සඳහා සිසුන් සහභාගිවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජලයත් පවසයි.

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදුහල සම්බන්ධයේ පැවැති ගැටලුව විසඳීම හේතුවෙන් නැවතත් දේශනවලට යොමුවන බව ඔහු පවසා තිබේ.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෛද්‍ය සිසුන් මාස 10 ක සිට පන්ති වර්ජනයක නිරතීවම හේතුවෙන් ඔවුන්ගේ ජ්‍යෙෂ්ටත්වය වසරකින් පහතවැටී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top