වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පළි ගන්නවා – මහින්ද

වත්මන් ආණ්ඩුව තම රජයේ නිලධාරීන්ගෙන් පවා පළි ගනිමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සුව දුක් බැලීම සඳහා හිටපු ජනාධිපතිවරයා අද (14) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියේය.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඊයේ (13) දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් රුපියල් බිලියන 04ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ගාමිණී සෙනරත් මහතා සහ එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top