දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර යාපනයදී සාමකාමී පාගමනක්..

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස අවධාරණය කර, අනුරාධපුර බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු විභාගය වව්නියාව අධිකරණයට මාරු කරන ලෙස ඉල්ලා යාපනයේදී සාමකාමී පාගමනක් පවත්වා තිබේ.

යාපනය සරසවි සිසුන් විසින් සංවිධානය කළ මෙම පාගමන අද පෙරවරු 10.30ට පමණ සරසවි පරිශ්‍රයේ සිට යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා පැමිණියේය. එහිදී යාපනය පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය, උතුරු පළාත් ආණ්ඩුකාර කාර්‍යාලය සහ යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයට තම ඉල්ලීම් ඇතුලත් සන්දේශය භාරදුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top