යාපනයේ කඩු ප්‍රහාර කල්ලි යළි හිස ඔසවයි.. දින දෙකක් තුළ සිව් දෙනෙකුට තුවාල

යාපනයේ ප්‍රදේශ දෙකක කඩුවලින් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුලත් කර තිබේ. ඊයේ සඳුදා දින යාපනය මානිප්පායි සහ කෝප්පායි යන ප්‍රදේශවල මෙම මැර ප්‍රහාරය සිඳුව තිබේ.

යාපනයේ සිට තම නිවස බලා ගමන් කරමින් සිටි තරුණයෙකුව යතුරු පැදිවලින් පැමිණි පිරිසක් විසින් කඩුවලින් පහරදී තුවාල සිඳුකර තිබේ. එහිදී කෝප්පායි ප්‍රදේශයේ පදිංචි ශ්‍රීකාන්දන් නැමැත්තා තුවාල ලබා යාපනයට රෝහලට ඇතුලත් කර තිබේ.

මේ අතර, ඊයේ සඳුදා රාත්‍රී නවාලි ප්‍රදේශයේ නිවසකට ඇතුල් වූ කඩු කල්ලිය නිවසට අලාභ හානි සිඳුකර නිවසේ අයිතිකරුට ද කඩුවලින් පහරදී තුවාල සිඳුකර තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ නිවසේ අයිතිකරු ද යාපානය රෝහලට ඇතුලත් කර තිබේ.

පසුගිය ඉරිදා දින යාපනය කුරුනගර් ප්‍රදේශයේ සිඳුවූ කඩු පහරදීමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. සිද්ධිය සම්බන්‍ධයෙන් මානිප්පායි සහ කෝප්පායි පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top