ගාමිණි සෙනරත් ලබන 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා නොවැම්බර් 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔහු අද (15) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයිට් රීජන්ට් හෝටල් ව්‍යාපෘතියට 2012 දී කැබිනට් අනුමැතියකින් වෙන්කළ රුපියල් බිලියන 18.5ක මුදලින් බිලියන 04ක මුදලක් නීති විරෝධී ලෙස හම්බන්තොට හයිට් රිජන්සි ව්‍යාපෘතියට යෙදවීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවී තිබේ.

ගාමිණී සෙනරත්ට අමතරව රක්ෂණ සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් ජනරාල් නීල් බණ්ඩාර හපුවින්න යන අයද මෙම රුපියල් බිලියන 04රේ මූල්‍ය අවභාවිතාවට සැකරුවන් ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසය නම් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top