SRILANKAN NEWS

ගෝඨාභය මුදාගැනීමේ කුමන්ත්‍රණයක්

ගෝඨාභයරජයට අවත් පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ අරමුදල් යොදවා හම්බන්තොට වීරකැටියේ ඉදිකරන ලද ඩී.ඒ. රාජපක්ෂ සමුරු කෞතුකාගාරයට අදාළ අපරාධ විමර්ශනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා මුදාගැනීමේ මෙහෙයුමක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සෙක කටයුතු ලේඛන අංශය හරහා සිදුවෙමින් පවතින බව රාවය ආරංචි මාර්ගවලින් වාර්තා කරයි.

පහත්බිම් සංවර්ධනයට අයත් මහජන මුදල් රුපියල් මිලියන 110ක් එම කෞතුකාගාරය ගොඩනැගීම සඳහා යොදවන ලෙස අනුමැතිය දෙන ලිපියට පෞද්ගලිකවම අත්සන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව විමර්ශනවලින් හෙළි වී තිබේ. මෙම ලිපියේ ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සන ඔහුගේ නියම අත්සන දැයි සැක හැර දැනගැනීමට නීතිපතිවරයාගේ නියමයෙන් එම ලිපිය හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියම අත්සන සහිත නියැදි ලේඛන සැකකටයුතු ලේඛන අංශයට යවා තිබේ.

වාර්තා වන්නේ එම අංශයේ ප්‍රධානියෙකු නියැදියෙ ඇති අත්සන් හා අනුමැතිය දුන් ලේඛනයේ ඇති අතසන අතර සාමානකමක් නැති බව සිය නිගමනය ලෙස දන්වා යවන හැටියට අදාල අත්සන් සැසැඳීම කරන නිලධාරීන්ට බලපෑම් කරමින් සිටින බවයි.

අත්සන් දෙක සැසැඳුන හොත් මෙම මූල්‍ය මූල්‍ය අපයෝජනයට ගෝඨාභය රාජපක්ෂ මහතා සෘජුවම සම්බන්ධ වන බව පෙනෙන හෙයින් ඉන් ඔහු ගලවා ගැනීම මෙම නිලධාරීන්ගේ අරමුණ බව රාවය වැඩිදුරටත් වර්තා කරයි.

ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 47වැනි මරණ සංවත්සරය වෙනුවෙන් ඉදිරිකරන ලද මෙම කෞතුකාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් විවෘතකරන ලද්දේ 2014 නොවැම්බර් 06වන දා ය. මෙම මුදල් අපයෝජනය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාද කැඳවා ප්‍රශ්න කර ඇත.

රාවය