බුදු රුව පච්ච කෙටූ කතට ලක්ෂ 8ක වන්දියක් ලබාදිමට අධිකරණයෙන් නියෝග

සිය බාහුවේ බුදු රුවක් පච්ච කොටගෙන පැමිණීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවට රුපියල් ලක්ෂ 8ක මුදලක් වන්දි සහ නීතීඥ ගාස්තු ලෙස ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) නියෝග කර තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික නාඔමි මිචෙල් කොල්මන් නමැති කාන්තාව 2014 වසරේදී එසේ අත්අඩංගුවට පත්ව තිබිණි.

අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අගතියට පත් කාන්තාව වෙනුවෙන් රජයෙන් රුපියල් ලක්ෂ 05ක් සහ ඉතිරි රුපියල් ලක්ෂය ඇය අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසද නියෝග කර ඇත.

නඩු ගාස්තුව ලෙස රුපියල් ලක්ෂ දෙකක්ද ඇය වෙත ගෙවන ලෙස ශ්‍රී ලංකා රජයට නියෝග කර තිබේ.

මෙම අධිකරණ තීරණය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන නමුත් යළි කිසි දිනක ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා නොකරන බවද ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top