සීමා නීර්ණ ගැසට් නිවේදනයට එරෙහි පෙත්සම විභාග කිරීම ගැන තීරණය කල් යයි

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණයට අදාල ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම විභාග කිරීමට අවසර දෙනවාද නැද්ද යන්න පිළිබඳ තිරණය ලබන 22 බදාදා දිනයේ ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද (16) ප්‍රකාශ කර තිබේ.

ඒ ඊයේ (15) ගොණු කළ ආදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය.

පළාත් පාලන ආයතනවල සීමා නීර්ණය කරමින් පසුගියදා නිකුත් වූ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් පඬුවස්නුවර, මහනුවර, හාලි ඇල, මාතර සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල පදිංචි ඡන්ද දායකයින් 06 දනෙකු විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමට විරුද්ධව මැදිහත්කරුවන් ලෙස දේශපාලන පක්ෂ, මැතිවරණ කොමිසම සහ මැතිවරණ නීරීක්ෂණ සංවිධානය ඉදිරිපත් වී සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top