ඕස්ට්‍රේලියාව ගොස් සරණාගත කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන්ව නැවැත ගෙන්වා ගැනීමට පියවර

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවයට සුදුසුකම් ලබා නොමැති ක්‍රිස්මස් දූපතේ, පැපුවානිව්ගිනියාවේ, ඕස්ට්‍රේලියා මධ්‍ය දූපත් හා නාවුරුහි රැදවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කෙරෙන බව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (18) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

නීතිවිරෝධී බෝට්ටු මඟින් ගිය පිරිස් රැදවුම් කඳවුරුවල සිටින බවත් කී අමාත්‍යවරයා, ඕස්ට්‍රේලියාවේ පදිංචියට සුදුසුකම් ලබා නොමති ශ්‍රී ලාංකිකයන් ක්‍රිස්මස් දූපතේ පුද්ගලයන් 12ක් පපුවානිව්ගිනියාවේ 21ක් ඕස්ට්‍රේලියාවේ මධ්‍ය දූපත්වල 70ක් නාවුරු හී 94ක් සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ශ්‍රී ලාංකික පුරවැසිභාවය ඔප්පු කිරීම සිදු කළ යුතු බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top