තමිල්නාඩු දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන සොයා බැලිය යුතුයි..

තමිල්නාඩුවේ සිටින දේශපාලකයන් අදහස් ප්‍රකාශ කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ මෙහි තත්වය ගැන හොඳින් දැක බලා ගත යුතු යැයි අමාත්‍ය පලනි දිගාම්බරම් මහතා පවසයි. තමිල්නාඩු දේශපාලකයන් මධ්‍යම කඳුකරයට පැමිණ එහි තත්වය ගැන සොයා නොබලා අදහස් ප්‍රකාශ කිරීමෙන් කිසිඳු ඵලක් නැති බව හෙතෙම සඳහන් කර තිබේ.

තමිල්නාඩු දේශපාලකයන් සැමදා ඊළම් දෙමළ ජනතාව ගැන පමණක් කතා කරමින් සිටින බවත්, කඳුකරයේ සිටින ඉන්දීය පාරම්පරික දෙමළ ජනතාව ගැන හා ඔවුන් මුහුණ දෙන ගැටළු, අභියෝග ගැන කිසිඳු උනන්දුවක් නොදක්වන බවද පවසා තිබේ.

තොන්ඩමාන් පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරීමේ සිද්ධියට රජයට කිසිඳු සම්බන්‍ධතාවයක් නොමැති බවත්, පසුගිය රජයට වඩා වත්මන් රජය කඳුකර ජනතාව වෙනුවෙන් වැඩි සේවයක් ලබා දෙන අතර, නම වෙනස් කිරීමේ ප්‍රශ්ණය දේශපාලන පක්‍ෂ දෙකක් අතරවූ ප්‍රශ්ණයක් බවද හෙතෙම වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top