අගමැති ගිංතොට ප්‍රදේශයේ නිරීක්‍ෂණ සංචාරයකට

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ පසුගියදා නොසන්සුන්තා ඇති වූ ප්‍රදේශවල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) දින නිරීක්‍ෂණ සංචාරයකට එක්වූහ.

කලබලකාරී ලෙස හැසිරෙමින් ගැටුමක් ඇතිකර දේපලවලට හානි සිදුකළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවත් නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් පොලිසියට දැනුම් දී ඇති බව ද අගමැතිවරයා එහිදී පවසා තිබේ.

නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් කිසියම් පුද්ගලයෙකු කලහකාරීව හැසිරුණහොත් ඔහුට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතු යැයි අගමැතිවරයා අවධාරණය කර තිබේ.

හානි සිදුව ඇති දේපලවලට වන්දි මුදල් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස දිසාපති නීතිඥ එස්ටී.කොඩිකාර මහතා ඇතුළු රාජ්‍යනිලධාරීන්ට මෙහි දී අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top