SRILANKAN NEWS

ජාතික කොඩිය ප්‍රතික්‍ෂේප කළ උතුරු පළාත් ඇමැති ගැන නීතිපති උපදෙස් මත තීරණයක් ගන්නවා..

ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කළ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත තීරණයක් ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය..

“මේ සිදුවීම පිළිබඳව සියළු එකතු කරගත් කරුණු… මම නිතීපතිවරයාට යොමු කරනවා.. විඩීයෝ දර්ශන, පුවත්පත් ප්‍රකාශ, එතුමා විසින් ම කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ තොරතුරු… නිතීපතිතුමා විසින් දෙන උපදෙස්වලට අනුව තමයි… ඊළඟ ක්‍රියාමාර්ගය ගන්න මට සිද්ධවෙන්නේ… නොයෙකුත් නෛතික ක්‍රියාමාර්ග තවත් සිදුවෙන්නට පුළුවන්.. එතකොට ඒ නෛතික ක්‍රියාමාර්ගවලදී ශක්තිමත්ව එයට මුහුණ දීමට නැත්තම් අපි ගත්තාවූ තීන්දුව පිළිබඳ ඉතාමත් ම නීත්‍යානුකූල ස්වරූපය ශක්තිමත්ව තිබෙන්නට අවශ්‍ය නිසා තමයි නිතීපති උපදෙස් මං ලබාගන්නේ… ඉදිරියේ දී ඇතිවන නඩුවකින් ඇතිවන තීන්දුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විතරක් නෙවෙයි… අනෙකුත් පළාත් සභා සියල්ලටමත්, ඒ වගේම පළාත් සභා ඇමතිවරුන් සම්බන්ධයෙනුත්, ජාතික කොඩිය සම්බන්ධයෙනුත්, ඉතාම තීරණාත්මක තීන්දුවක් වෙන්ට ඉඩ තියෙනවා…”