SRILANKAN NEWS

අයිතිවාසිකම් ආරක්‍ෂා කරන්නැයි ඉල්ලා මඩකලපු දිස්ත්‍රික්ක ධීවරයන් උද්ඝෝෂණයක..

තම අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙසත්, ධීවරයන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන ලෙසත් ඉල්ලා මඩකලපුව දිස්ත්‍රික්ක ධීවරයන් අද දින උද්ඝෝෂණයක නිරතවූහ.

ජාත්‍යන්තර ධීවර දිනය නිමිත්තෙන්, මඩකලපුව දිස්ත්‍රික්ක ධීවර සංගම් සහ පොදු සංවිධාන එක්ව මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණි.

ධීවරයන් විවිද දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවත්, ඔවුන් සඳහා වූ ආධාර හා පහසුකම් ඉතා අඩු මට්ටමින් ලැබෙන බවත්, යහපාලන රජය එය ගැන අවධානය යොමු කර ආධාර හා පහසුකම් වැඩි කළ යුතු යැයි ඔවුන් ඉල්ලා තිබේ.

තම ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන සංවිධානවල ඒකාබද්ධ සමිතියේ නායක එස්. සිවයෝකනාදන් වෙත ද භාරදී තිබේ.