පෙට්‍රල් හිඟ‍ය සම්බන්‍ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ අරඹයි..

පෙට්‍රල් හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තාවේ.

පෙට්‍රල් හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර පැතිරවීම හේතුවෙන් පෙරේදා රාත්‍රී කාලයේදි ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් ඇතිවූ අතර, ජනතාව අතර කලබලකාරි තත්වයක් ද ඇතිවී තිබුණි. මේ සම්බන්‍ධයෙන් පරීක්‍ෂණයක් සිඳුකරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top