SRILANKAN NEWS

ළමා නිවාස වෙනුවෙන් කැපකරු මාපිය ක්‍රමය ඇති කිරීම ගැන අවධානය

ළමා නිවාස වලින් දරුවන් බැහැර කර ළමා රැකවරණය සදහා විකල්ප ක්‍රම භාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, ළමයින් ළමා නිවාසගත නොකට කැපකරු මාපිය ක්‍රමය යටතේ රැකබලා ගැනීමේ ක්‍රමයක් මෙරට තුළ වඩා ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම තුළින් දරුවන්ට පවුලක් තුළ ජීවත්වීමට අවස්ථාවක් ලබාදිය හැකි බව පෙන්වාදී තිබේ.

ළමා නිවාසවලින් බැහරව විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැකබලා ගැනීමේ ක්‍රම පිළිබඳව විශේෂ ජාත්‍යන්තර සමුළුවක් පසුගියදා මෝල්ටා රාජ්‍යයේ දී පවත්වා තිබූ අතර, එහිදී කැපකරු මාපිය යටතේ ළමුන් රැකබලා ගැනීමේ ක්‍රමය පිළිබඳව වැඩි අවධානයක් යොමුවු බව ජාතික ළමාරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.