කොටදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

කොටදෙණියාව හල්ඔළුව ප්‍රදේශයේ නීති විරෝධීව පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලිමෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොටදෙණියාව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් කුළී පදනම යටතේ ලබා ගත් නිවසක මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පැවැසේ.

මත්පැන් නිෂ්පාදනය සදහා යොදා ගත් උපකණ ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top