මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් හෙට

අග්‍රාමත්‍යවරයාද පැමිණි පසු පළාත් පාලන මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් හෙට (24) දින පක්ෂ නායක රැස්වීමක් කැදවා සාක්ච්ඡා කරන බව කතානයක කරු ජයසූරිය මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේෂාන් විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මේ බව කතානායකවරයා සඳහන් කළේ ය.

මේ අවස්ථාවේ දී සභාවේ මන්ත්‍රීවරුන් ඡන්දය පැවැත්විය යුතු බවට සඳහන් කළේ ය. මෙහිදී අඳහස් දැක්වූ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, අධිකරණය ලබාදුන් තීන්දුව වෙනස් කිරීමට නොහැකි බවය.

මන්ත්‍රී චමින්ද විජේසේකර මහතා සඳහන් කළේ, පැරනි ක්‍රමයට ඡන්දය පැවැත්වීමට කටයුතු කරන ලෙසය.මෙහිදී අඳහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, හැකි ඉක්මනින් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ යුතු බවය. එහිදී කතානායකවරයා කියා සිටියේ තමන්ට ඡන්දයක් පැවැත්වීමට නොහැකි බවත් මේ සම්බන්ධයෙන් හෙට සාකච්ඡා කරන බවත් එම වගකීම ඉටු කරන බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top