තම අරමුණ නව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමය – සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා

නව ප්‍රජාතන්ත්‍රවාදයක් ස්ථාපනය කරමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බව සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් නන්ගග්වා ප්‍රකාශ කරයි.

හරාරේ අගනුවර දී සිය ආධාරකරුවන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම රටේ විරැකියා ප්‍රතිශතය ද අවම කිරීමය බලාපොරොත්තු වන බව ඔහු සදහන් කර තිබේ.

තම ආරක්ෂාව පතා දකුණු අප්‍රිකාවට පළා ගිය නන්ගග්වා හෙට දින සිම්බාබ්වේ රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

37 වසරක් එරට පාලනය කළ ජනාධිපති රොබට් මුගාබේ ඉල්ලා අස්වීමත් සමග ඔහුව නව ජනාධිපතිවරයා ලෙස පත් කෙරුණි.

සිම්බාබ්වේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරය හිස්වූ අවස්ථාවක ඒ සදහා සුදුස්සෙකු තෝරා පත්කර ගැනීමට පාලක පක්ෂයට හැකියාව ලැබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top