අඹේපුස්ස, කුරුණෑගල ප්රධාන මාර්ගයේ වරකාපොල ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් දහ දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.
කුරුණෑගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථය පසුකර යාමට උත්සාහ දැරීමේ දී මාර්ගය අසළ නවතා තිබූ ලොරි රථයක ගැටී ඇති බවත්, අනතුරින් ලොරි රථය මාර්ගයේ ඉදිරියට ඇදී ගොස් ඊට ඉදිරියෙන් තිබූ මෝටර් රථයකද ගැටී ඇති බව වාර්තාවේ.
සිද්ධියෙන් ලංගම බස් රථයේ ගමන් ගත් දස දෙනෙකු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇති අතර, එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වරකාපොල පොලිසිය විසින් ලංගම බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
Add Comment