යාපනය බොම්මයිවෙලි ප්‍රදේශයේ තිබී ආයුධ තොගයක් සොයා ගනී..

යාපනය බොම්මයිවෙලි ප්‍රදේශයේ අතහැර දමා තිබූ ඉඩමකින් ආයුධ තොගයක් අද (26) දින උදෑසන සොයාගෙන තිබේ.

ජනතාව විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම ආයුධ තොගය සොයාගත් බවත්, ඒවා එල්ටීටීඊ සංවිධානය යුද සමයේ දී සගවා තිබූ ආයුධ විය හැකි බවට පොලිසිය සඳහන් කරයි.

ටී පනස් හය වර්ගයේ ගිනි අවි 10ක්, මෝටාර් උණ්ඩ හයක් සහ පතොරම් තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top