යාපනයෙදී සොරකම් කිරීමට තැත් කළ පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු දැලේ..

යාපනය, තෙල්ලිපලයි ප්‍රදේශයේ දී සොරකමක් කිරීමට උත්සහ කළ පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුව ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබේ. පසුගිය සෙනසුරාදා දින රාත්‍රීයේදී සොරකම් කිරීමේ අරමුණින් ඔවුන් මල්ලාගම් අධිකරණ මාර්ගයේ පිහිටි නිවසකට ඇතුල්වී තිබේ.

නිවස අවට යම්කිසි පිරිසක් සැරි සැරීම දැනගත් නවසේ අයිතිකරු කෑගසා අසල්වැසියන්ට දැනුම් දීමෙන් අසල්වැසියන් නිවසට අවට එක්රැස්වී තිබේ. එහිදී පලා යෑමට තැත් කළ එම දෙදෙනාව අසල්වැසියන් අල්ලා ගැනිමෙන් පසු එහි එක් අයෙකු අසල පිහිටි ප්‍රදේශයක පුද්ගලයෙකු බවත්, අනෙකා තෙල්ලිපලයි පොලිසියේ සේවය කරන නිලධාරියෙකු බවද හඳුනාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් ඔවුන්ව තෙල්ලිපලයි පොලිසියට භාරදීමෙන් අනතුරුව පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top