ප්‍රැන්සිස් පාප් වහන්සේ මියන්මාරයට..

අතිඋතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සිය මියන්මාර සංචාරය ආරම්භ කර තිබේ. දින 06ක සංචාරය තුළ උන්වහන්සේ බංග්ලාදේශයේ ද සංචාරය කිරීමට අපේක්ෂිතය.

ධුරයට පත්වීමෙන් අනතුරුව උන්වහන්සේ මියන්මාරයේ සිදු කරන පළමු සංචාරය මෙය වේ.

මියන්මාර නායිකා අවුන් සාන් සුචී ඇතුළු දේශපාලන නියෝජිතයන් මෙන්ම හමුදා නායකයින් හමුවී සාකච්ජා කිරීමට පාප් වහන්සේ අපේක්ෂාව වේ.

අනතුරුව, බංග්ලාදේශයේ සංචාරය කරන අති උතුම් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ එහිදී රොහින්ගියා සරණාගතයින් පිරිසක් ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top