ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දිනයක් ඉතිරිව තිබිය දී ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඉන්දිය කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 239 කින් ජය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 205 කට සීමා කළ ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 610 ක් රැස් කළේය. ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිම ලකුණු 166 කට සීමාවිය. පිතිකරුවන්ට ඉතා යෝග්‍ය වූ මෙම තණතිල්ලේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ඉනිම දෙකේ දී ම ලකුණු 371 ක් පමණි.
මෙම පරාජය ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ දරුණුම පරාජය බව වාර්තාවේ.