නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට යෑමට තැත් කළ 22ක් අත්අඩංගුවට

යාපනයේ සිට නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා යෑමට පැමිණි පුද්ගලයින් විසි දෙදෙනෙකු පුත්තලමේ උත්වශාලාවක නැවතී සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූ පිරිස යාපනය, කිලිනොච්චිය, මුලතිව් යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු දහසයත් පනස් පහත් අතර වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයන් බව පැවැසේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් නීතිවිරෝධී ලෙස ඕස්ටේලියාවට යෑම සඳහා තැරැව්කරුවන්ට රුපියල් ලක්ෂ තුනේ සිට පහ දක්වා මුදලක් ගෙවා ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරුවන්ව අද දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top