SRILANKAN NEWS

ප්‍රබාකරන්ගේ උපන් දිනයදා හිටපු මුහුදු කොටි ප්‍රධානියෙකු තමිලරසු පක්‍ෂයට එක්වෙයි..

යුද්දය පැවැති කාලයේදී මන්නාරම ප්‍රදේශයේ මුහුදු කොටි ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ තියාකවරාසා අරුල්චෙල්වම් නැමැත්තා, කොටි සංවිධානයේ නායක ප්‍රබාකරන්ගේ උපන් දිනය වූ ඊයේ දින ලංකා තමිලරසු පක්‍ෂයට එක්වී තිබේ.

ඉකුත් පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී චාර්ල්ස් නිමලනාදන්ව හමුවූ ඔහු තමිලරසු පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී තමිලරසු පක්‍ෂය සමඟ එක්වී දේශපාලන කටයුතුවල නිරතවීමට නියමිත බවද පැවැසේ. තවද ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්ණයට ආර්. සම්බන්‍ධන් මහතාගේ මාර්ගයෙන් විසඳුමක් ලබාගත හැකි බව තමන් විශ්වාස කරන බවද ඔහු පවසා තිබේ.

1985 සිට 2008 දක්වා මුහුදු කොටි ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අරුල්චෙල්වම් අත්අඩංගුවට පත්වී, පුනරුත්ථාපනය ලැබීමෙන් අනතුරුව 2012 වසරේදී සමාජ ගතකර තිබීම විශේෂත්වයකි.