හිටපු ආරක්ෂක ලේකම්වරයා කිසිඳු මූල්‍ය වංචාවකට සම්බන්ධ නොමැති බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.
අද(27) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට මේ වන විට රට තුළ විශාල ආන්දෝලනයක් මතු වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් නොමැති බවද පවසා තිබේ.
එය විවිධ පුද්ගලයින් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට කිසිඳු හේතුවක් නොමැති බවද හෙතෙම පවසා තිබේ.
Add Comment