ප්‍රබාකරන්ගේ ඡායාරූප යොදා ගනිමින් මහවිරු දින සැමරූ පුද්ගලයන් අත්අඩංගුවට ?

කොටි සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප‍්‍රභාකරන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් මහවිරු සැමරුම් උත්සව පැවැත්වු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මෙලෙස සැමරුම් උත්සව පැවැත්වීම නීති විරෝධී බවත්, ත‍්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ පුද්ගලයින් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරියේදී අදාල පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top