තමා අත්අඩංගුවට නොගන්නැයි ගෝඨා ගෙන් රීට් පෙත්සමක්

තමා අත්අඩංගුවට ගැනීම වළකාලමින් රීට් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පෙත්සමින් පොලිස්පතිවරය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පාර්ශවයන් පහක් නම් කර ඇති බව සඳහන්වේ.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිපතිවරයා වෙත වාර්තාවක් ඉදිරිපත්කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top