SRILANKAN NEWS

ආපදාවකදී සීරුවෙන් සිටින්නැයි අමාත්‍ය සාගලගෙන් උපදෙස්

ආපදාවක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා පොලීසියට සූදානමින් සිටින ලෙසට නීතිය සාමය හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස් ලබා දි තිබේ.

මේ අතර, පවතින අයහපත් කාළගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිත කිරිමේදී ප්‍රවේසමෙන් රිය පදවන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේග මාර්ග පොලිස් කොට්ඨාශය ජනාතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. උපරිම වේගය පැයට කිලෝමීටර් හැට නොඉක්මවන ලෙස ධාවනය කරනැයි ඔවුන් ඉල්ලා තිබේ.