කාලගුණය ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න එපා – අනුර ප්‍රියදර්ශන යාපා

අනුර ප්‍රියදර්ශන යාපා

ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සදහන් කරයි.

ඇතැම් පිරිස් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව නොමග යැවීමට උත්සාහ දරන බව ඔහු පැවසීය.

සුළි කුණාටුවක හෝ සුනාමි තත්ත්වයක් ඇති වීමේ කිසිදු අවදානමක් නොමැති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවනු ඇත.

එසේම ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමට ද පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top