තෙපලන්න මගේ සොහොන වෙත ගොස්!

අපේ හදවත් දැදුරු කළ
යුද්ධයේ පාෂාණ දෙස බලා සිටියා ඇති
අපට මරණය ගෙනා
ඔල්වරසන් ජයඝෝෂා මැද
ඔබ රණවිරුවන්ගෙ පිළිම දෙස බලා සිටියා ඇති
අපේ දේශය තුල
නසා වනසා දැමුණු අප සිරුරු මතින්
ඒකීය රාජ්‍ය නර්තනයේ යෙදෙමින්
යුධයෙන් විදි ගල් දෙස බැලුවා ඇති
අප විරුවන් මිහිදන් කළ බිම වෙත
පැමිණෙනා සිංහල සොහොයුරනි
බලන්න මුහුණු මත රැඳි සෝ තැවුල් තුවාල දෙස
ශතවර්ෂ ගණනක් අප හිස පිට රැඳි
මහා පා වල වීර විකුමන් නරඹන්න
රණකාමි ඔබේ බලමුළු පෙරමුණු දැකගන්න
මියගියවුන් නින්දේ සැතපෙන
සයනාගාර බිමෙහි තෙදවත්බව දකින්න
යන්තමින් ඇටවුණු
අප සොහොන්කොත් හා
තෙපලන්න අප සිහල සොහොයුරනි
බිඳ දැමුණු සොහොන්කොත් තුල නිදන හැම හදවතකම
රැඳී ඇත එකම පවසක්
පරම්පරානුගත සිහිනයක්

-දීපචෙල්වන් ප්‍රදීපන්

Translation: wojitha karunayakke

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top