SRILANKAN NEWS

ඔට්ටකපුලම් පාසල, ශාන්ත අන්තනිස් දේවාලය ඇතුළු අක්කර 29ක ඉඩම් නිදහස් කෙරේ..

වයාවිලාන් ප්‍රදේශයේ ඔට්ටකපුලම් රෝමානු කතෝලික දෙමළ පාසල සහ ශාන්ත අන්තනිස් දේවස්ථානය ඇතුළු අක්කර 27ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර තිබේ. ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධ සහතික පත්‍රය යාපනය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටියාරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික්ක දිසාපති නාහලිංගම් වේදනායකම් මහතා වෙත භාරදී තිබේ.

ශාන්ත අන්තනිස් දේවස්ථානයේදී එම උත්සවය පැවැත්වුණි. නිදහස් කළ ප්‍රදේශයේ පිහිටි ජනතාවගේ ඉඩම් ඉතා හානිවූ තත්වයක තිබෙන අතර ප්‍රදේශය ඝන වනාන්තරයක් බවට පත්ව තිබේ. තවද එහි පිහිටි පාසල හා දේවස්ථානයද විනාශයට පත්ව තිබේ.

මේ අතර, සෙසු ඉඩම් ඉදිරි මාස දෙකක කාලය තුළ නිදහස් කරනු ඇති බව පැවැසේ.