ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ නිදන් හෑරූ පහක් අත්අඩංගුවට

ඔට්ටුසුට්ටාන් ප්‍රදේශයේ දී නිදන් හෑරීමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔට්ටුසුට්ටාන්, මුත්තියන්කට්ටු රක්ෂිතයේ මෙම සැකකරුවන් නිදන් හෑරීමට උත්සාහ කර තිබේ.

මුලතිව් කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිඳුකළ වැටලීමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, නිදන් හෑරීමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් සහ පූජා භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අඹේපුස්ස, කිලිනොච්චිය, මාන්කුලම යන ප්‍රදේශවල පදිංචිකරුන් බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top