දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 6ක් සඳහා තවදුරටත් නාය යෑමේ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා තිබේ. රත්නපුර, ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කළුතර සහ මාතර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම්, පස් කණ්ඩි කඩා වැටීම්, පොළොව ගිලා බැසීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම ප්‍රදේශවල ජනතාවට දැනුම්දී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top