ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹේ

ශ්‍රී පාද වන්දනා සමය දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සධාතුක කරඩුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමලුව වෙත වැඩම කරවීමත් සමග අද ආරම්භ විය.

පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රී පාද මලුව දක්වා වැඩම කළ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශිපාද මළුවේ තැනපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වුණි.

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සෙගේ අනුශාසනා පරිදි සියල්ල සිඳු කෙරුණු අතර, මෙවර ශ්‍රී පාද වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top